මෙරට පැවති ආනයනික සීමා නිසා අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් නැවත අලුත්වැඩියා කොට මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (24) ජනාධිපති කාර්‍යාලයේදී නිල වශයෙන් දැනුම් දුන් අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජනපතිට භාර දුන් බව වාර්තා වේ .
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය හරහා වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400 ක් නැවත අලුත්වැඩියා කරනු ලැබීය. එලෙස අලුත්වැඩිය කර නිම කළ බස් රථ 175 ක් මෙලෙස මගී ධාවනය සඳහා භාර දී ඇති අතර එම අලුත්වැඩියා කටයුතු සදහා රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් වැය වී තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම මෙම බස් රථ 175 න් 15 ක් ” සිසු සැරිය ” සඳහා ලබා දීමට නියමිත අතර ඉතිරි බස් රථ මගී ධාවනය සඳහා ලබා දීමට නියමිතව තිබේ.