නම හැවිරිදි සිය නැඟනිය අපයෝජනයට ලක් කළ පහළොස් හැවිරිදි සොයුරා බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
නව හැවිරිදි දැරිය වෙනත් අසනීපයක් සඳහා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ඇයට සිදු වූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට පවසා තිබූ බවට පොලීසිය පවසයි.
දැරියගේ ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.
