කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැළ ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
සියලුම ආගමික කටයුතු එකම ස්ථානයකින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර ඉදිකළ අතර එහි කටයුතු කරන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සදහන්.
කොළඹ නගරයේ මහල් නිවාස ගොඩනැගිලි ඇතුළු බොහෝ ගොඩනැගිලිවල මේ ආකාරයට බෝ ඇතුළු ගස් පැලවීම පිළිබඳව අවදානය යොමු නොකිරීමෙන් විනාශයට පත්වී තිබේ.
