යාපනය චුන්නාකම් පොලිස් වසමේ උප්පුමඩම් මංසන්ධියේදී කාරයේ දොරෙහි යතුරුපැදිකරුවෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මිය ගොස් ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ලෝහරාසා ධර්මන් නැමති පෙදරේරුවෙකි.
යාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ උප්පුකුලම් මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී නවතා තිබූ කාර් රථයක දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් පිටුපසින් ධාවනය වූ යතුරුපැදියක් එම දොරේ ගැටීමෙන් යතුරුපැදිකරු අනතුරට පත්ව තිබේ.
එහිදී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර කාර් රථයේ රියදුරු පලායාමට උත්සහ ගැනීමේදී ප්‍රදේශවාසීන් විසින් රියදුරු අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන තිබූ බව සඳහන්.
