කුමාර ධර්මසේනට එරෙහි නඩුව පොලීසිය යට ගහලා – අත්අඩංගුවට ගන්න නියෝගයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක, ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන සහ ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් 12 දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නාරාහේන්පිට පොලීසියට නියෝග කර ඇත.

ඒ පුද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කුමාර ධර්මසේන, ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් 12 දෙනකු ඇතුළු පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික නිවසකට ඇතුළු වී ගිනි අවි ඇතැතිව එහි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Exit mobile version