මීඩියා වල පෙන්නන්නේ ගන් බන්ට් එක. ලවණ බාධකය පෙන්නන්නේ නැහැ. කට්ටිය ඔක්කොම එකතු වෙලා ගන් බන්ට් එක promote කරන හැටි. වතුර බහින්නෙ නැති ප්‍රශ්නය තියෙන ලවණ බාධකය පෙන්නන්නේ නැතිව කරන ප්‍රෝඩාකාරී සන්දර්ශනය.
අපි බලමු ප්‍රරශ්නය කොච්චරද කියල.
ලවණ බාධකය බන්ඩත්තර පාලම් දෙක සමඟ සන්සන්දනය කලාම බන්ඩත්තර පාලම් දෙකෙන් 22.22 % ක් විතර තමයි ලවණ බාධකය තියෙන්නෙ.
Railway පාලම එක්ක බැලුවම 22.04 % යි
මහානාම පාලම එක්ක බැලුවම 19.14 %
කලින් අපි ලවණ බාධකය ලඟ අඩි 8 ක් උසට (දොරේ උසට තමයි ගත්තේ) ගත්තේ. ඒත් දැන් ඉවුරෙ උසත් එකතු කරල තමයි ගත්තේ.
බලන්න ප්‍රශ්නය කොතරම් ද කියල මේ රූප සටහන සටහන බලන්න අපි බොරුද කියන්නෙ කියලා.
මේ ප්‍රශ්නය අපි හැම රැස්වීමකදීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගේම ජල ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මහත්වරුන්ගෙන් හැමදාම ඇහුවා උත්තරයක් දුන්නේ නෑහැ.
මේක සිම්පල් දෙයක්. ඉන්ජිනේරුවන්ට මීට වඩා නිවැරදි විදියට calculate කරල කියන්න පුලුවන්. මොකද කලින් මෙතන තිබුන හරස්කඩ ප්‍රමානය ඔවුන් ලඟ තියෙනව. එතකොට ලවණ බාධකයේ හරස්කඩ ත් එක්ක සසඳා බැලුවම බොහොම ලේසියෙන් ඒක කරන්න පුලුවන්. අද වෙනකන් ඒක කලේ නැහැ.
අපි ගනන් හැදුවේ නිල්වලා ගඟේ අවසාන කිලෝමීටර් 7 ඇතුලේ තියෙන ඉදිකිරීම් හතර තමයි සන්සන්දනය කෙලේ. එහෙම බැලුවම තමයි මේ ගනන් ටික ලැබුනේ.
කල්පනා කරලා බලන්න, ප්‍රශ්නයේ ප්‍රමානය ???
ඊලඟට බලන්න, ඇත්ත වතුර බහින්නේ නැති ප්‍රශ්නය අමතක කරලා ගන් බන්ට් එක ප්‍රරමෝට් කරලා ඇත්ත ප්‍රශ්නය අමතක කරන හැටි.
සියලුම දෙනා එකතු වෙලා මේක කරන්නේ. ඒ කාලෙත් ගන් බන්ට් එක තිබුනා. ගංවතුර වෙලාවට උතුරලා ගියා. සන්දර්ශන දැම්මේ නැහැ.
දැන් තියෙන ප්‍රශ්නය තමයි ලවණ බාධකය ලඟින් වතුර බහින්නේ නැති එක. බලන්න සැබෑ ප්‍රශ්නය මග අරින හැටි.
ගොවිජනතා නියෝජිතයන් ගේ ද සහභාගීත්වයෙන් තොරව සඳුදා කොළඹ දී රැස්වීමක් පැවැත්වෙනවලු. බලමු පැවැත්වෙන රැස්වීමේදී දෙන තීන්දුව මොකක්ද කියලා.
(උපුටා ගැනීම – සමාජ මාද්‍ය)
