සටන් විරාමය දීර්ඝ කෙරේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම සටන් විරාමය දීර්ඝ කර ගැනීම සඳහා කටාර ය, ඊජිප්තුව සහ අමෙරිකාව සක්‍රීයව දායක වන බව සදහන්.
 
මේ අතර, ඊයේ (29) හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙක්, තායි ජාතිකයින් 04 දෙනෙක් ගාසා තීරයේදී නිදහස් කර තිබුණි.
 
මේ අතර ඊශ්‍රායල-රුසියානු පුරවැසිභාවය හිමි කාන්තාවන් දෙදෙනෙක්ද ඊයේ නිදහස් කර තිබුණි.

ඊට සමාන්තරව ඊශ්‍රායලයේ රඳවාගෙන සිටි පලස්තීන ජාතිකයින් 30 දෙනෙක්ට ද ඊයේ නිදහස ලැබුණි.

Exit mobile version