2023 වර්ෂයේ මැයි මස 31 වනදා දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 22.9%ක් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම කාල පරාසය තුළ දී ජපන් යෙන් , යූරෝ , ස්ටර්ලින් පවුම , ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව සඳහන්.
