රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම ගිනි ගෙන. – update

හෝමාගම කර්මාන්ත පුරවරයේ කෙමිකල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් මේ වන විට ගිනි ගැනීමකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව වාර්තා වේ .

ගින්න හට ගෙන පැය බාගයකට පමණ පසු ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාව වන විට කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ගොස් අවසන් බව සඳහන් වේ .

වැඩි දුරටත් වාර්තා වන්නේ මෙම ගින්න හේතුවෙන් විෂ දුම මේ වන විට ගොඩගම , පිටිපන දක්වා පැතිර ගොස් ඇති බවයි.

එමෙන්ම ජලය භාවිතයට ගන්නා ළිං වසා දමන ලෙසටත් , මාස්ක් භාවිතා කරන ලෙසටත් , ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසටත් දැනුම් දී තිබේ.

Exit mobile version