යාපනය මාණිප්පායි සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබා රන් පවුම් 12ක් කොල්ල කා පළා ගොස් ඇති බව වාර්තා වේ.
සිනමා පටයක ආකාරයට සිය නිවසට ඇතුලු වූ කොල්ලකරුවන් තමන්ට පහරදී සිය මාස 4 ක් වයසැති බිළිඳා බලහත්කාරයෙන් රැගෙන මෙම කොල්ල කෑම සිදුකළ බවට නිවැසියන් පවසා තිබේ.
මුදලින් රුපියල් ලක්ෂ 2 ක් පමණ, රන් පවුම් 12 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියක්ද රැගෙන කොල්ලකරුවන් පළා ගොස් ඇති බව සදහන්.
