මහාවැලියට වැටුණු දරුවා අතුරුදහන්.

වයස අවුරුදු අටක පමණ දරුවකු  මහවැලි ගඟේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන්වී ඇති බව හසලක, වේරගංතොට ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස  අතුරුදන් වී ඇත්තේ තම  වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගඟේ දියනෑමට ගිය වේරගංතොට, බුලත්වැල්කඳුර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය සදහන් කර තිබේ.

හසලක පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

Exit mobile version