ආණමඩුවත් යටවේ.

ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවී යාමෙන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු බව වාර්තා වේ.

පුත්තලම කුරූණෑගල මාර්ගය ආණමඩුව අධිකරණය ආසන්නයේ සිට සම්පුර්ණයෙන් ජලයෙන් යටව තිබු අතර ඒ සමගම නගරයේ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවි තිබූ බව සදහන්.

ආණමඩුව නගරයට ඉහලින් වු කුඩා වැව් කිපයක මහ ජල කද නගරය මැදින් ගලා යාමත් සමග මාර්ග යටව තිබූ බැවින් ඒ සමග නිවාස හා ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යටවී ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව තිබූ බව වාර්තා වේ.

Exit mobile version