අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැති සංවිධානාත්මක අපරාධකරුට පළා යාමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය 10 වැනිදා අත් විලංගු ලිහිල් කර හරක් කටාට පළා යාමට ආධාර අනුබල දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළාගොස් තිබූ බව සදහන්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වන විට කණ්ඩායම් කිහිපයක් විමර්ශණවලට යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
