බස් රථයේ අනඟ රැඟුම් දැක්වූ කොස්තාපල් අත්අඩංගුවට .

බස් රථයක් තුළදී පාසල් දැරියකට ලිංගික හිරිහැර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ හිටපු නාවික හමුදා සෙබළෙකු ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීගමුව සිට කඳාන දක්වා මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම පාසල් සිසුවියට මෙලෙස ලිංගික හිරිහැර කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බවට පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබළා මාතලේ ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version