සූර් වී ඩෙගා නැටූ කොස්තාපල් අත්අඩංගුවට .

බීමතින් පොලිස් නිලධාරීන්ට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූනානි පොලිස් මුරපොල ට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිස් කොස්තාපල්වරයාගේ පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල් රියදුරෙකු ප්‍රතිකාර සඳහා චාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු වාලච්චේන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version