මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටි බව කියන කොළඹ රථවාහන කොට්ඨාසයේ රාජකාරි සිදු කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
මූලික විමර්ශණයක් පවත්වා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ රථවාහන කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් විසිනි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සේදවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් වටලන ලද අවස්ථාවේ දී මෙම ආධුනික පොලිස් කොස්තාපල් වරයා එහි රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරීක්ෂාකර බලා ඔහු අන්තරායකාර ඖෂධ පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබූ බවට උසස් පොලිස් නිලධාරියෙකු පවසා තිබේ.