බීමතින් පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු බව සදහන්.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
