පොලිස්පතිගේ සේවා කාලය දිගු කිරීම අනුමත කරන්න ව්‍යවස්ථා සභාවට.

පොලිස්පති ධූරයේ රාජකාරී කටයුතු කිරීම සඳහා සී.ඩී.වික්‍රමරත්න මහතාට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර එයට ජනාධිපතිවරයාගේ නිර්දේශය අනුමත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බව වාර්තා වේ.

එය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (10) දින අදාළ නිර්දේශය තමා වෙත යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව කථානායකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version