කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබදවත් මෙරට කුරුළු උණ පැතිරීමේ අවධානම පිළිබදවත් විවිධ කරුණු අනාවරණය කරන ලදී.
ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම නුසුදුසු බවත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමෙන් මෙරට කුරුළු උණ වැඩි වශයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වන ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.
මෙම ලක්ෂ 20 ක බිත්තර තොගය ගෙන්වන්නේ ඉන්දියාවේ නමක්කාල් ප්‍රදේශයෙන් බවත් දැනට විශාල වශයෙන් ඉන්දියාවේ කුරුළු උණ පැතිර ඇත්තේ මෙම ප්‍රදේශයේ බවත් තවම සම්පූර්ණයෙන් මෙම ප්‍රදේශයේ කුරුළු උණ පාලනය කර නොමැති බවත් ඔහු අවධාරණය කරන ලදී. මේ වන විට ඉන්දියාවේ පැතිරී පවතින කුරුළු උණ හේතුවෙන් ඉන්දියාවේ බිත්තර පරිභෝජනය සීමා වී ඇති නිසා බිත්තර සදහා ඉල්ලුම අඩු වී එහි මිල ද අඩු වී ඇති බවත් එම මිල අඩු බිත්තරවලට ලංකාව කොක්ක ගැසූ බවත් කේ.බී.ගුණරත්න මහතා අවධාරණය කරන ලදී.
ඉන්දියාවේ බිත්තර මිල රුපියල් 4ක් වුවත් බිත්තර ලබා ගැනීමේදී රුපියල් 3.50 ට පමණ ලබා ගත හැකි බවත් එම බිත්තර බදු නොමැතිව මෙරට රුපියල් 15කට පමණ ලබා දිය හැකි නමුත් බදු ඇතුළු අනෙකුත් වියදම් සමග රුපියල් 30 කට පමණ ලබා දෙන බවත් කේ.බී.ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.එමෙන්ම මෙම බිත්තර තොගය ගෙන්වීම සදහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් පුද්ගලික ආයතන තුනකට ටෙන්ඩර් ලබා දී ඇති බවත් ඒ එක් ආයතනයකින් බිත්තර තොගය මෙරටට ගෙන්වන බවත් ගුණරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දියාවෙන් බිත්තර ගෙන ඒම සම්බන්ධව සත්ත්ව නිශ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් අවවාද කර ඇති අතර ඇය ප්‍රකාශ කර ඇත්තේ බිත්තර භාවිතා කිරීමේදී අත් වැසුම් භාවිත කරන ලෙසත් , බිත්තර කටු අහක නොදමා විනාශ කරන ලෙසත් ය.ඇය මෙසේ අදහස් දක්වමින් වක්‍රාකාරයෙන් අදහස් කර ඇත්තේ ඉන්දියාවේ බිත්තරවලින් කුරුළු උණ පැතිරීමේ අවධානමක් ඇති බවයි.
කාබනික පොහොරත් නැතුව නිකන් අසූචි ගෙන්වූවා මෙන් අමතර ඩොලර් ගානක් ගෙවලා අන්තර්ජාතික ප්‍රශ්නයක් ඇති වීමට ඉඩකඩ ඇති බවත් පොහොර නැවට වුනු හදිය බිත්තර නැවටත් සිදු වීමේ අවධානමක් ඇති බවත් ඔහු අවධාරණය කරන ලදී.
කේ.බී.ගුණරත්න මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේ කුකුල් කෑම සහන මිලකට ලබා දෙනවා නම් කුකුල් කර්මාන්තය සහ බිත්ත්තර නිශ්පාදනය ද ඉහළ දැමීමට හැකි බවයි. එමෙන්ම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානය ලබා දී නිවැරදි ප්‍රතිපත්ති අනුව කටයුතු කර රට නගා සිටෙව්වොත් අවුරුදු 2ක් ඇතුළත රට ස්ථාවර මට්ටමකට ගත හැකි බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කරන ලදී.
මේ සම්බන්ධව වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව නරඹන්න .
