ඇතුගල ගිනි තැබූ යුවළ රක්ෂිතයට.

කුරුණෑගල ඇතුගල රක්ෂිතයේ හටගත් ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම් යුවළක් අද (19) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ .

මෙම යුවළ ගිනි කූරක් දල්වා අදාළ ප්‍රදේශයට දැමීමෙන් ගින්න හටගත් බව සිදු කළ විමර්ශන්වලින් හෙළිව තිබේ.

ඒ අනුව 24 හැවිරිදි පෙම්වතා සහ 20 හැවිරිදි පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් මහවෙල සහ නාගොල්ලාගම පදිංචිකරුවන් බව සදහන් .

ඊයේ (18) ඇතුගල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 03 ක් පමණ විනාශ වී තිබේ.

Exit mobile version