තමන්වත් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සදහා අධිකරණය අවසර ලබා දුන් බව සදහන්.
