නැදගමුවේ විජය මෛත්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන්ගේ ආදාහනය ඉරිදා.

ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති සහ පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනාධිපති අපවත්වී වදාල නැදගමුවේ විජය මෛත්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා (27) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී නාහිමිපාණන් වහන්සේ පසුගිය  23 වැනිදා  අපවත්වූ අතර දේහය ගම්පහ, ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කොට තිබේ.

 ඒ අනුව අද (25)  සවස මිනුවන්ගොඩ , පත්තඩුවන භික්ෂූ පුහුණු ආයතනය වෙත වැඩමවීමට නියමිතව ඇති බව සඳහන්.

Exit mobile version