අහසට වෙඩි තබා පිරිසක් විසුරුවා හැරේ.

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රියේ කටයුතු කළ බවට වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගණය ප්‍රදේශයේදී මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසිකරන අයුරු පොලිස් නිලධාරින් දැක ඇත.

එම සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පොලිස් ජිප් රථය වටකර සැකකරුව පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම සදහා උත්සාහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවාලීමට කටයුතු කර ඇති අතර ඉන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.

Exit mobile version