සිය දියණියව වරින් වර අපයෝජනය කළ පියෙකු කොබෙයිගනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
2019 වර්ෂයේ සිට මෙම පියා විසින් තම දියණියව වරින් වර අපයෝජනයට ලක් කර තිබෙන බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
එමෙන්ම දින තුනකට පෙර මෙම දැරිය එම ප්‍රදේශයේම අයෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කොබෙයිගනේ පොලීසිය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම දියණියගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ තම පියාද තමාව අපයෝජනයට ලක් කළ බවයි.
සැකකාර පියා කොබෙයිගනේ , සුබසෙතගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
