අවුරුදු 2 ක් තිස්සේ සිය දියණියට ලිංගික අතවර කළ නරුම පියා පොලිස් දැලේ.

තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

ඔහු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන් .

වාර්තා වන ආකාරයට වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබේ . එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

අතවරයට පත්ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version