කිරිකැටි බිළින්දා දමා ගිය නරුම දෙමව්පියන් අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිලියක් තුල දමා ගිය බිලිදාගේ මව්පියන් සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ඊයේ (10) රාත්‍රි 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිදා මගීන් හා දුම්රිය බලධාරීන් එක්ව සොයාගෙන ඇති අතර 25 වනදා දරුවා ලැබී ඇති අතර ඊයේ දින මෙලෙස දමා ගොස් ඇති බවට වාර්තා වේ.

බිළිදාගේ දෙමව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරකට අනුව 26 හැවිරිදි අවිවාහක යුවලක් කොස්ලන්ද පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත වී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් ඇයව ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කර ගැනීමට කටයුතු කල බවට වාර්තා වේ.

Exit mobile version