මහින්ද – බැසිල් නඩුවේ විභාගයට දින නියම වෙයි.

හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි පවසා ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි  ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වන දින විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළ බව වාර්තා වේ.

Exit mobile version