පිළියන්දල සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැට ගසා තිබූ කාන්තා මළ සිරුරක් හමුවූ බවට වාර්තා වේ.
මියගිය කාන්තාව මීට දින කිහිපයකට පෙර සැමියා සමග අමනාප වී මවගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගිය අතර ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී සොයා ගත් බවට පොලිසිය වාර්තා කර තිබේ.මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇති ඇය 27 හැවිරිදි විවාහක කාන්තාවක් බවට වාර්තා වේ.
සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) සිදුකිරීමට නියමිත බවට වාර්තා වේ.
