බංග්ලාදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
බංග්ලාදේශයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දුම්රිය දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග දුම්රිය පීලීපැනීමක් ද සිදුව ඇති බව සඳහන්.