සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (06) මේ වන විට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන ලද්දේ ඖෂධ වර්ග විෂ වීමෙන් සහ එන්නත් ආසාත්මිකතා ඇති වීමෙන් රෝගීන් මිය යාම , බාල බෙහෙත් මෙරටට ගෙන ඒම ආදී නොයෙක් සෞඛ්‍ය ගැටලු ඇති වීම හේතුවෙනි.