ග්‍රාම නිලධාරී පුරප්පාඩු ගැන ගත් තීරණය .

ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

2021 වසරේ අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 වැනි දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරී විභාගය පැවැත්වීමට නියමිත වන අතර එම විභාගයෙන් 2,238 දෙනෙකු ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බව සඳහන්.

Exit mobile version