තීරණාත්මක තරගයට අදත් බාධා .

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබේ .

ඒ අනුව තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස පිටිය සම්පූර්ණයෙන්ම වැසි ආවරණවලින් ආවරණය කර තිබෙන අතර පස්වරු 3.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරගය 3.15 ට ආරම්භ කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ .

Exit mobile version