ප්‍රවීණ මාධ්‍යවේදියෙකුගේ නික්ම යාම.

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ කවියෙකු ,ලේඛකයකු ගත් කතුවරයෙකු මෙන්ම පරිසරවේදියකු ද වන දඹේගොඩ ජිනදාස මහතා අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා මිය යනවිට 71 වෙනි වියේ පසු වූ බව සදහන්.

මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන රැසකම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශය නියෝජනය කරමින් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා වසර 50කට වැඩි කාලයක් මාධ්‍ය වෘත්තියට ඉටුකළ සේවාව අපරිමිත ය.

ඒ මහතා විසින් මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රයට ඉටු කරන ලද සේවාවන් අගයා ලද ජනාධිපති සම්මාන හා රාජ්‍ය සම්මානද රැසක් ඇති බව සදහන්.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(20) දින වැල්ලවාය ආනපල්ලමල 5 කණුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version