කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන පීටර් හපුආරච්චි නැමැත්තා ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර තිබිය දී වනාතවිල්ලුව පොලිසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.
මරණකරු 76 හැවිරිදි අයෙක් වන අතර හිටපු විදුහල්පතිවරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.
