වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් අත්අඩංගුවට .

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට ගත් බවයි.

Exit mobile version