සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය කාන්තාවක් දූෂණය කළා යැයි කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යාංශය විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
මෙම කාන්තාව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද යොමු කර ඇති බව සඳහන්.
