ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකිණුම් මිල යළි ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (26) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, එහි විකිණුම් මිල 314.92ක් ලෙස සටහන් වූ අතර අද (27) දිනයේදී ඩොලරයේ ගැනුම් මිල 301.32ක් ලෙසත් ,විකිණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව ඇති බව සදහන්.
