ගමක්ම බිය වද්දා කොල්ල කෑ මත්ලොල් යුවළ පොලිස් දැලේ.

බඩල්ගම ප්‍රදේශයේ දී අත්බෝම්බයක් පෙන්වමින් නිවැසියන් බියවද්දා ඔවුන්ගේ රත්තරන් ආභරණ සහ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පැවසුවේ මෙම සැකකරු රාත්‍රි කාලයේ දී මෙලෙස අත්බෝම්බයක් පෙන්වමින් එම ප්‍රදේශයේ නිවාස කිහිපයක් කොල්ල කා ඇති බවයි.

සැකකරු සහ ඔහුගේ බිරිඳ දැඩි ලෙස මත්ද්‍රව්‍ය පාලනය කිරීමට අබ්බැහි වී සිටින බවත් , මෙලෙස කොල්ලකන ලද වටිනා දෑ විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය මිල දී ගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකරු පවසා ඇත්තේ ඔහු සොරකම් කර ගෙනැත් දෙන රත්තරන් ආභරණ සිය බිරිඳ මාර්ගයෙන් උකස් කර මුදල් ලබා ගත් බවයි.

පසුව පොලීසිය විසින් මෙම සැකකරුගේ දිවුලපිටිය ඉහළ මඩම්පැල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කර ඇති අතර එහි සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5,350ක් සොයාගෙන ඇති බව වාර්තා වේ .

බඩල්ගම පොලීසිය විසින් සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version