මත් සැමියා බිරිඳට පෙට්‍රල් දමා ගිනි තියලා.

සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබූ බිරිඳක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ .

මෙලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි රංජනගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වීරඹුගෙදර පොලීසිය පවසන්නේ පසුගිය අගෝස්තු මස 27 වැනි දින සැකකාර සැමියා බීමත්ව සිටියදී බිරිඳ සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවයි.

අත්අඩංගුවට ගත් 46 හැවිරිදි රංජනගම ප්‍රදේශයේ පෙදෙරේරු වෘත්තියේ යෙදෙන මෙම සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

Exit mobile version