පාස්කු ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදය අද සහ හෙට .

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවාදය අද පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතව තිබේ .

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම කල්තැබීමේ විවාදය විපක්ෂය විසින් ගොනුකර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

නමුත් පාස්කු ප්‍රහාර සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබාගැනීමේ වැඩපිළිවෙලක නිරතව සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කර තිබේ.

Exit mobile version