2022 වර්ෂය සදහා නිකුත් කළ ආර්ථික දර්ශක ඇස්තමේන්තු විශ්ලේෂණයට අනුව 2022 වර්ෂයේ සිව්වන කාර්තුව සදහා මෙරට දළ දේශීය නිශ්පාදිතයේ 12.45ක වේගවත් සෘණ වර්ධනයක් පෙන්වමින් පහත වැටී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇති ආකාරය අනුව සිව් වන කාර්තුවේදී දළ දේශීය නිශ්පාදනය රුපියල් මිලියන 3,331,073 සිට රුපියල් මිලියන 2,917,721 දක්වා පහත වැටී ඇති බවත් ඒ අනුව 2022 වසරේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.8% සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවත් සදහන් කරයි. එමෙන්ම සේවා අංශයේ ක්‍රියාකාරකම් 2% කිනුත් , කෘෂිකර්මාන්ත අංශයේ 4.6%කිනුත් , කර්මාන්ත අංශයේ 16% කිනුත් පහත වැටී ඇති බවට වාර්තා වේ.
2018 වර්ෂයෙන් පසුව වසරක් තුළ වාර්තා වූ අඩුම දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේදී වාර්තා වී ඇති බව කියයි. .
