බිත්තර පිටරටින් ගෙන්වීම හේතුවෙන් බිත්තර කර්මාන්තය අනතුරට ලක්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම බිත්තර සදහා පනවා තිබෙන ගැසට් නිවේදනය ඉවත් කර බදු සහන ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42.00 මුදලට ලබා දිය හැකි බවත් , සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිගයකින් තොරව බිත්තර ලබා දිය හැකි බවත් එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
