පෙර පාසලක සෙල්ලම් කරමින් සිටි දරුවන් අතරට අත් පොරවක් අතැතිව කඩාපනින ලද පුද්ගලයකු දරුවන් හතර දෙනකු ඝාතනය කරන ලද පුවතක් බ්‍රසීලයෙන් වාර්තාවේ.
සැකකරු විසින් දරුවන් අට දෙනකුට පමණ පොරවෙන් පහරදී ඇති අතර ඉන් හතර දෙනකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
මෙම සිදුවීම බ්‍රසීලයේ මෑත කාලයේ සිදුව ඇති බරපතලම හා දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන අතර ඒ වෙනුවෙන් බ්‍රසීල රජය දින තුනක ශෝක දිනයක් නම්කොට ඇති බව සදහන් වේ.
සැකකරු එම ප්‍රහාරයෙන් පසුව එරට පොලිසිය වෙත භාර වී තිබේ.
