මව්පියන්ට එරෙහි වූ දියණියට අත් වූ ඉරණම.

දෙමව්පියන්ට විරුද්ධ වෙමින් විවාහයක් සිදු කරගත් 22 හැවිරිදි ඉන්දියාවේ තරුණියක් ඇයගේ දෙමව්පියන් සහ සහෝදරයා එක්ව ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණිය පවුලේ අකමැත්තෙන් එම ගම්මානයේම වෙනත් කුලයක තරුණයෙක් සමඟ විවාහ වී ඇති බවයි.

මෙම තරුණිය බ්‍රහස්පතින්දා දින නිවසින් පිටත්ව ගොස් සිටියදී ඇයගේ දෙමව්පියන් විසින් මෙලෙස ඝාතනය කර ඇති බව තරුණියගේ ස්වාමියා ප්‍රකාශ කර තිබෙන අතර විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ අදාළ තරුණිය ඒකමතිකව විවාහ වූ තීරණයට දෙමව්පියන් විරුද්ධ වූ නිසා මව , පියා සහ 20 හැවිරිදි ඇයගේම සහෝදරයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

Exit mobile version