පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වේ.
එම පාසල් සිසුවා මිතුරන් පිරිසක් සමග ක්‍රීඩා කරමින් සිටියදී රෝගීව ඇද වැටීම හේතුවෙන් කඩිනමින් රෝහල් ගත කර ප්‍රතිකාර කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර මෙම දරුවා රෝගි තත්වයකින් පෙළුණු බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ අද දහවල් සිදු කිරීමට නියමිතව තිබූ අතර පානදුර පිංවත්ත පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
