දියණියගේ පෙම්වතාගේ පහරින් පියා මෙලොවින් සමුගනී.

අවිස්සාවේල්ල , බදුවත්ත ප්‍රදේශයේ තරුණයෙකු විසින් එල්ල කළ තියුණු ආයුධ පහරකින් තරුණියක් තුවාල ලබා තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මරණකරුගේ නිවසේ නතර වී සිටි තරුණයෙකු මරණකරුගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. මොවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම තරුණියට තියුණු ආයුධයකින් පහර දී තිබේ. එම අවස්ථාවේ දී ඊට මැදිහත් වූ පියාට ද තරුණයා පහර දී තිබේ. මෙහිදී පහර කෑමට ලක් වූ දෙදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පියා ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version