බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා.

මත්පැන් ජාවාරම්කරුවකු සමග අද (6) අලුයම බොල්ගොඩ ගඟේ පිහිනාගෙන පැමිණෙමින් සිටි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

එම අතුරුදන්වීම සම්බන්ධයෙන් පැය දහයකට පමණ පසු පොලීසියට පැමිණිලි කළ මත්පැන් ජාවාරම්කරු පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කළ බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු පියෙකි.

මත්පැන් ජාවාරම්කරු අතුරුදන්ව සිටින පුද්ගලයා සමඟ මත්පැන් පෙරීම සඳහා ඔරුවක් ආධාරයෙන් අලුබෝමුල්ල ප්‍රදේශයට ගොස් ඇති බව සදහන්.

පැමිණීම සඳහා ඔරුව නොතිබූ හෙයින් ඔවුන් දෙදෙනා ගෑස් සිලින්ඩරේ සහ නීති විරෝධී මත්පැන් කෑනයත් රැගෙන බොල්ගොඩ ගඟේ පිහිනා පැමිණීමේදී සිය සගයා දිය රළකට හසු ව නොපෙනී ගිය බවත් බේරා ගැනීම සඳහා උත්සාහ දැරුවත් අසාර්ථක වූ බවත් එම පුද්ගලයා පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.

Exit mobile version