නාදුනන පුද්ගලයින් පිරිසකගේ පහර කෑමට ලක් වූ 75 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල වදුරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙලෙස මියගොස් සිටින පුද්ගලයාගේ පුතා ඩුබායි රාජ්‍යයේ සිටින අතර ඔහු විසින් පුද්ගලයන් හට ඩුබායි රටේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති අයෙකු බවට පොලිසිය පවසයි.
මෙම පහරදීම එම මුදල් සම්බන්ධව ආරවුල් ඇති කරගත් පිරිසකගේ ක්‍රියාවක් බවට පොලිසිය සැක පළ කරනු ලබයි.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා කුරුණෑගල පොලිසිය ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
