පියාගේ අවිය පුතාට පත්තුවෙයි.

ඊයේ (18) පියාගේ නීතිවිරෝධී ගිනි අවිය සොරකම් කොට මිතුරෙකු සමඟ දඩයමේ ගිය තරුණයෙකු එම තුවක්කුව පත්තු වීම නිසා බරපතළ ලෙස තුවාල ලබා මන්නාරම , මඩු රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .

හදිසියේ තුවක්කුව පත්තු වීමෙන් තුවාල ලැබූ තරුණයා රැගෙන ඒමට නොහැකි වූ නිසා ඔහු සමඟ ගිය අනෙක් පුද්ගලයා වහාම ගම්මානයට පැමිණ සිද්ධිය විස්තර කිරීමෙන් අනතුරුව ගම්වාසීන් ගොස් තුවාලකරුව රැගෙන විත් රෝහල්ගත කර තිබේ .

අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වූ තරුණයා මඩු රෝහලෙන් මන්නාරම රෝහල වෙත මාරු කොට යවා තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසියට තොරතුරු සැලවීමෙන් අනතුරුව පොලීසිය ගොස් අදාළ තුවක්කුව කැළයේ තිබී සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු මඩු පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version