2015 වර්ෂයේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව එම කොමිසමේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ බව වාර්තා වේ.
එම වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් දිගින් දිගටම අවධාරණය කළද 2015 වර්ෂයේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් කිසිඳු වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපතිවරයා ඊට අප්‍රසාදය පල කළ බව සඳහන්.
එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් ඉඩම් ලබා දීමේදී නිසි ලෙස සිය කාර්‍ය ඉටු කරන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළ ද තවමත් කිසිඳු ප්‍රගතියක් සිඳු වී නොමැති බවද වාර්තා වී තිබේ.
මෙසේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ලිපිගොනු අස්ථානගත වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිඳු කරන ලෙස සභාපතිවරයා විසින් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
